වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන ‘එරෙත් රොපොලිටින් 4000’ ඇතළු තවත් ඖෂධ වර්ග රැසක්, කොළඹ ජාතික රෝහල, මාලිගාවත්ත වකුගඩු රෝහල ඇතුළු රෝහල්වල හිඟ වීම නිසා රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
වකුගඩු රෝගීන්ගේ ලේ අඩුවීම (හිමොග්ලොබින්) පාලනය කරන එරෙත් රොපොලිටින් 4000 එන්නත Albumin සහ AVF Needle ඖෂධ පෙති සහ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ද මෙලෙස හිඟව පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඇල්බියුමින් ඖෂධ කුස්පියක් වෙළෙඳපොළේ රුපියල් 15000ක් පමණ වන අතර, රුධිර කාන්දු පෙරණ සිදු කරන රෝගියකුට එක් අවස්ථාවක් සඳහා අවම වශයෙන් කුප්පි 15ක් පමණ ගැනීමට සිදුවෙයි. එරෙත් රොපොලිටින් 4000 එන්නත, වෙළෙඳපොළේ රුපියල් 4000ක් පමණ වන බවත් ඇතැම් රෝගීන්ට මෙම එන්නත සතියකට දෙවතාවකට වඩා ලබා ගැනීමට සිදුවීම නිසා අසරණ වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
දැනට මෙවැනි ඇතැම් ඖෂධ ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ සිදු කරන බැවින් එමගින් රජයට විශාල මුදලක් අහිමි වන බව කියන ඒ මහතා දැඩිසත්කාර සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝගීන්ට අවශ්‍ය කරන CVP line දිවයින පුරා රෝහල්වල හිඟ බවත් වකුගඩු කාන්දු පෙරණයේදී රෝගියා යන්ත්‍රයට සම්බන්ධ කිරීමට අවශ්‍ය AVF needle නොමැති නිසා විශාල මුදලක් ගෙවා ඒවා ද පිටතින් රැගෙන ඒමට රෝගීන්ට සිදුව ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි
වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ රැසක් රෝහල්වල නෑ !! පිටතින් මිලදී ගැනීමට සිදුවීමෙන් රෝගීන් ජීවිත සටනක
