මාලබේ තොර­තුරු තාක්ෂණ ආයතනයෙන් ගසා කෑ මුද­ල්ව­ලින් කැන­ඩාවේ-අමෙ­රි­කාවේ ඔස්ට්‍රේ­ලි­යාවේ ගෙවල් අරන්.. SLIITආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව නීතිමය පියවර...

මාලබේ තොර­තුරු තාක්ෂණ ආයතනයෙන් ගසා කෑ මුද­ල්ව­ලින් කැන­ඩාවේ-අමෙ­රි­කාවේ ඔස්ට්‍රේ­ලි­යාවේ ගෙවල් අරන්.. SLIITආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව  නීතිමය පියවර...

‍ෛමත්‍රී-රනිල් ඇතුළු කැබිනට්ටුව වගකියන්න ඕනෑ

-ඇමැති වසන්ත සම­ර­සිංහ කියයි

මහ­පොළ අර­මු­ද­ලට අයිති දේපො­ළක් වන මාලබේ තොර­තුරු තාක්ෂණ ආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පැවැ­සීය.

රාජ්‍ය බලය යොදා ගනි­මින්, වංච­නි­කව එම ආය­ත­නය අන්සතු කිරී­මට එරෙ­හිව ආණ්ඩු­වක් ලෙස ගත හැකි සියලු පිය­ව­ර­යන් ගන්නා බවත් එය නැවත මහ­පො­ළට පව­රා­ගෙන රටේ දරු­වන්ට වැඩි ප්‍රති­ලාභ අත්කර දීමට කට­යුතු කරන බවත් හෙතෙම කීවේය.

ඒ මහතා එසේ පැව­සුවේ එම අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­ව­කට ඊයේ (16) එක්වෙ­මිනි.

2017 පස්වැනි මාසයේ 17 වැනිදා මෛත්‍රි­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ, සජිත් ප්‍රේම­දාස ඇතුළු කැබි­නට් මණ්ඩ­ලය මහ­පො­ළට අයිති තොර­තුරු තාක්ෂණ ආය­ත­නය සම්බ­න්ධ­යෙන් තියෙන නීති­මය අයි­තිය නීති­වි­රෝ­ධිව අහෝසි කිරීමේ තීර­ණය ගෙන ඇති බවත් හෙතෙම පැවැ­සීය.

රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා හැටි­යට ඉන්න කාලෙ 2022 මෙය නැවත පවරා ගැනී­මට ඉදි­රි­පත් කළ කැබි­නට් පත්‍රි­කාව රිවස් කරන අතර මෙය කීප දෙනකු අතේ බෙදා­දීමේ උව­ම­නා­වක් ඔවුන් සතුව පැවැති බව ද කී ඒ මහතා, මෙහි මුද­ල්ව­ලින් කැන­ඩාව, අමෙ­රි­කාව, ඕස්ට්‍රේ­ලි­යාව වැනි රට­වල නිවාස අර­ගෙන තිබෙන බවට වාර්තා වෙන බව ද කියා සිටි­යේය.

මේ සම්බ­න්ධ­යෙන් ගත හැකි උප­රිම ක්‍රියා­මාර්ග ගැනී­මට ආණ්ඩු­වක් ලෙස කට­යුතු කරන බව ද වංචා­වට සම්බන්ධ වූ සියලු දෙනා පරි­ස්ස­මින් සිටිය යුතු බව ද හෙතෙම මෙහිදී පැවැ­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැ­සීය.

මහ­පොළ භාර­කාර අර­මු­දලේ මුදල් විවිධ කාරණා නිසා අව­භා­විත වෙලා තියෙ­නවා. සමා­ගම් දෙකක් හදලා, ඒ හරහා වංචා සිද්ධ වෙලා තියෙ­නවා. හිටපු වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහ­පොළ වෙළෙ­ඳ­පොළ පැවැ­ත්වීම හරහා කරලා තියෙන වංචා හා ඒ හා සමාන සිදු­වීම් තිබෙ­නවා. ඒ අතරේ රාජ්‍ය බලය අයථා ලෙස යොදා ගනි­මින් මහ­පොළ භාර­කාර අර­මු­ද­ලට අයිති දේප­ළක් අන්සතු කිරී­මට ගත්ත ක්‍රියා­මා­ර්ග­යක් විදි­ය­ටයි තොර­තුරු තාක්ෂණ ආය­ත­නය සම්බන්ධ සිදු­වීම පෙන්වා දෙන්න වෙන්නේ.

තරු­ණ­යන්ට වෘත්තීය අධ්‍යා­පන අවස්ථා ලබා­දීම, වෘත්තීය අධ්‍යා­පන අවස්ථා සහිත අධ්‍යා­පන ආය­තන ඇති කිරීම මහ­පොළ භාර­කාර අර­මු­දලේ අර­මු­ණක් වෙනවා. ඒ අනු­වයි 1998දී මහ­පොළ ආරම්භ වෙන්නේ. රුපි­යල් මිලි­යන 375ක් හා ජාතික

ඉති­රි­කි­රීමේ බැංකු­වෙන් රුපි­යල් මිලි­යන 175ක් යොදා ගනි­මින් මහ­පොළ භාර­කාර අර­මු­ද­ලට අයිති ඉඩ­මක තොර­තුරු තාක්ෂණ ආය­ත­නය ඉදි­වෙන්නේ. මහ­පොළ මුල් පන­තට අනුව මහ­පොළ භාර­කාර අර­මු­දලේ සභා­ප­ති­ව­රයා ලෙස පත්වෙන්නේ අපේ රටේ අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­ර­යායි. 2015 වෙන­කල් තිබුණේ එහෙ­මයි.

2015 ආස­න්නයේ රටේ අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­රිය ඉවත් කිරී­මට රාජ­පක්ෂ ආණ්ඩුව සිදු­ක­රපු මෙහෙ­යුම ඔබට මතක ඇති. 2012 – 2015 කාලයේ අග­වි­නි­සුරු නැති නිසා අර­මු­දලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තිය­ලත් නැහැ.

2015දී අග­වි­නි­සුරු ලෙස පත්වුණු ශ්‍රී පවන් මහතා අර­මු­දලේ සභා­ප­ති­ව­රයා බවට පත්ව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පව­ත්ව­නවා. 2015දී බල­යට ආව රනිල් – මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව එක පැත්ත­කින් මහා බැංකු බැඳු­ම්කර වංචාව කරන අතරේ අනෙක් පැත්තෙන් මහ­පොළ හා බැඳුණු මෙම සිදු­වී­මට මුල පුර­නවා.

2015 වෙන් පසුව පත්ක­රපු අධ්‍යක්ෂ මණ්ඩල තුළ අද ජීව­තුන් අතර නැති වික්‍රම වීර­සූ­රිය කියල මහ­ත්ම­යෙක් හිටියා. 2015 පෙබ­ර­වාරි – මැයි කාලය තුළ තොර­තුරු තාක්ෂණ ආය­ත­නය නීති­වි­රෝ­ධිව පවරා ගැනී­මට අදාළ මෙහෙ­යුම ක්‍රියා­ත්මක වුණා.

මෑත­කදී තොර­තුරු තාක්ෂණ ආය­ත­නය නිකුත් කළ මාධ්‍ය නිවේ­ද­න­යක තියෙ­නවා ආය­ත­න­යට රජය මුල දී මුදල් දුන්නත් පසුව එවැනි මුදල් ලබා දීමක් කළේ නැහැ. මේ නිසා ආය­ත­නය ස්වාධීන ආය­ත­න­යක් ලෙස පව­ත්වා­ගෙන යන බවට. මෙය තව­මත් ඇප­යෙන් සීමිත සමා­ග­මක්. මේගොල්ලෝ ගහපු ගේම් ඇතුළෙ වෙලා තියෙන ක්‍රියා­ව­ලිය අපි සමා­ජ­යට පැහැ­දිලි කළ යුතුයි.

හෙටත් මේ ආය­ත­නය මහ­පොළ සමඟ එක­තු­වෙලා තරු­ණ­යන්ට වෘත්තීය අධ්‍යා­ප­නය අවස්ථා ලබා­දෙන්න, අඩු විය­ද­ම­කට හැදෑ­රිය හැකි පාඨ­මාලා ප්‍රමා­ණය වැඩි කරන්න අව­ශ්‍යයි.

ඒ සඳහා තොර­තුරු තාක්ෂණ ආය­ත­නයේ අයි­ති­කා­රී­ත්වය මහ­පො­ළට ලබා ගැනීම අපේ අර­මු­ණයි. අපට අයිති දේපළ කොල්ල­කාපු අයට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කර­න්නත්, එහි ප්‍රති­ලාභ මහ­පො­ළට අර­ගෙන දරු­වන්ට වැඩි­පුර ප්‍රති­ලාභ දෙන්නත්, වෘත්තියේ අධ්‍යා­පන අවස්ථා වැඩි කර­න්නත් අවශ්‍ය කට­යුතු කරන එක අපේ අර­මු­ණයි.

මහ­පොළ භාර­කාර අර­මු­දල විදි­යට මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 120කට වැඩි ප්‍රමා­ණ­යක් පව­ත්වලා තියෙ­නවා. 56 සහ 57 කියන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් දෙකේ වාර්තා­වල මේ සිද්ධිය පිළි­බඳ වාර්තා වෙලා තියෙ­නවා. අග­වි­නි­සුරු ශ්‍රී පවන් මහතා එහි සභා­ප­ති­ව­රයා ලෙස සිටි­යත්, ඔහු මේ බෝඩ් මිටින් දෙකට අත්සන් කරන්නේ නැහැ. තොර­තුරු තාක්ෂණ ආය­ත­නය සම්බ­න්ධ­යෙන් පත්කළ උපාලි අබේ­රත්න කොමි­ෂම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී පවන් මහතා පවසා තිබෙන්නේ

මෙවැනි සාක­ච්ඡා­වක් පැවැ­ත්වුණේ නෑ, මෙවැනි තීරණ ගත්තෙ නෑ, ඒ නිසා මේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වී­ම්ව­ලට අත්සන් කළේ නැහැ කියලා. විවිධ අව­ස්ථා­වල, විවිධ ආණ්ඩු­වල හිටපු සම­හර ඇමැ­ති­වරු සද්භා­ව­යෙන් මෙයට උත්සාහ ගන්න ඇති කියලා අපි විශ්වාස කර­නවා.

නමුත් සම­හර තැන්වල බ්‍රේක් ගහලා නතර වෙලා. 56, 57 වාර්තා­ව­ලින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගත්ත බවට බොරු කිය­මින් තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යට පත්කළ කළ­ම­නා­ක­රණ මණ්ඩ­ල­යයි, මහ­පොළ භාර­කාර මණ්ඩ­ල­ය­ටයි ගිවි­සු­මක් අත්සන් කර­නවා. අපිම ගිවි­සුම් ගහ­ගෙන බෙදා ගත්තා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි රනිල්, මෛත්‍රී ආණ්ඩුව මේ ආය­ත­නය අපට අහිමි කරන්නේ.

ඊට පස්සේ 2018 විජ­ය­දාස රාජ­පක්ෂ මහ­ත්තයා තොර­තුරු සහි­තව කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­මින් මෙය නිවැ­රදි විය යුතු බව කිය­නවා. ඒත් ඒ කැබි­නට් පත්‍රි­කාව රිවස් වෙන්නෙ නැතුව විජ­ය­දාස මහ­තාට උප­දෙස් ලැබෙ­නවා නීති­ප­ති­ගෙන් උප­දෙස් ගන්න කියලා. නැවත 2020 වර්ෂයේ දී බන්දුල ගුණ­ව­ර්ධන මහතා නැවත කැබි­නට් පත්‍රි­කා­වක් දාපු­වම ඊට අදා­ළව කමි­ටු­වක් පත්ක­ර­නවා විම­ර්ශ­නය කරලා වාර්තා­වක් දෙන්න. මේ කමි­ටුවේ සාමා­ජි­කයෝ වෙන්නේ නිමල් සිරි­පා­ලද සිල්වා, දිනේෂ් ගුණ­ව­ර්ධන, පවිත්‍රා වන්නි­ආ­රච්චි, විමල් වීර­වංශ. ඒ කමි­ටු­වෙන් හදපු කොමි­ෂන් වාර්තා­ව­කුත් නෑ.

2022 දෙවැනි මාසෙ 17 වැනිදා බන්දුල ගුණ­ව­ර්ධන මහතා නැව­තත් කැබි­නට් පත්‍රි­කා­වක් දාපු­වම තොර­තුරු තාක්ෂණ ආය­ත­නය 2015ට පෙර තිබූ තත්ත්ව­යට නැවත පත් කරන්න කිය­නවා. තොර­තුරු තාක්ෂණ ආය­ත­නයේ දැන්වී­මක් දාලා කියන සුන්දර කතා­වක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක දැවැන්ත වංචා­වක්. නැවත රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා හැටි­යට ඉන්න කාලෙ 2022 කැබි­නට් පත්‍රි­කාව නැවත රිවස් කරන්න කිය­නවා. මෙය කීප දෙනකු අතේ බෙදලා දෙන්නා ඔවුන්ට උව­ම­නා­වක් තිබිලා තියෙ­නවා. මේකේ සල්ලි­ව­ලින් කැන­ඩාව, අ‍ෙම­රි­කාව,

ඕස්ට්‍රේ­ලි­යාව වගේ රට­වල ගෙවල් අර­ගෙන තියෙන බවට ආරංචි තියෙ­නවා.

උපාලි අබේ­රත්න කොමි­සම පව­තින ගිවි­සුම් අහෝසි කර මහ­පොළ උසස් අධ්‍යා­පන භාර­කාර අර­මු­දලේ සියලු භාර­ක­රු­වන්ගේ යෝජන සම්මු­ති­යක් සහි­තව පර­මා­ර්ථ­ව­ලට පට­හැණි නොවන වැඩි­ලා­භාංශ ලැබෙන පරිදි සුදුසු කොන්දේසි ඇතු­ළත් කර නව ගිවි­සු­ම­කට එළැ­ඹෙන්න කියලා නිර්දේශ කරලා තියෙ­නවා.

මේ කියන්නේ තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යට මහ­පොළේ අර­මු­ණු­ව­ලට පිටින් යන්න බැහැ කිය­ලයි. අර­මු­දලේ අනු­මැ­ති­යක් නොමැ­තිව මාලබේ උසස්

අධ්‍යා­පන ආය­ත­නයේ පිහිටී ඉඩම වංච­නි­කව ලෙස බැහැර කිරීම සඳහා 2015 මැයි 12 දින අංක රහිත අසත්‍ය කරුණු මත පද­නම් වූ ගිවි­සුම් හා 2015 මැයි 12 දින අංක 952 දරන බදු ගිවි­සුම් සෑදී­මෙන් දණ්ඩ­නීති සංග්‍ර­හයේ 15 වැනි අධි­කා­රිය යටතේ දඬු­වම් ලැබිය හැකි වර­දක් සිදු­කර තිබී­මක් බව වාර්තාවේ සඳ­හන් වෙනවා.

දඬු­වම් ලැබිය හැකි වැර­දි­ව­ලට සම්බන්ධ වෙලා තියෙන නිසා මේවා මඟ­හ­රින්න බෑ. අව­සා­නයේ මෙහි වැර­දි­ක­රු­වන් කවුද කිය­­­ලත් සඳ­හන් කර තිබෙ­නවා.

ඉහත නිර්දේශ පරිදි පහත දැක්වෙන පුද්ග­ල­යන්ට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට මෙම නඩු­වට අදාළ සියලු සාක්ෂි ලේඛන නීති­ප­ති­තුමා හෝ අල්ලස් කොමි­ස­මට යොමු කරන්න කිය­නවා. තොර­තුරු තාක්ෂ­ණික ආය­ත­නයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය නැවත පත්කි­රීමේ අයි­තිය මහ­පො­ළට ලබා ගැනී­ම­ටත්, තොර­තුරු තාක්ෂණ ආය­ත­නය තව­දු­ර­ටත් කාර්ය­ක්ෂ­මව, පෞද්ග­ලික ගිණු­ම්ව­ලට

ගිය සල්ලි තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යෙත් මහ­පො­ළෙත් අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් යොද­වලා, වැඩි පිරි­ස­කට අවස්ථා හදන්න භාවිත කරන අතර මේ වංචා­වට සම්බන්ධ පුද්ග­ල­යන්ට නීති­මය ක්‍රියා මාර්ග ගැනී­මට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ස­මට පැමි­ණිලි කර­න්නත් තීර­ණය කරලා තියෙ­නවා. වග­කි­ව­යුතු පුද්ග­ලයෝ ලෙස සඳ­හන් කරලා තියෙන්නේ අමාත්‍ය ගාමිණී ජය­වි­ක්‍රම පෙරේරා (මිය­ගි­හින්), ආචාර්ය වික්‍රම වීර­සූ­රිය (මිය­ගි­හින්), නීතිඥ අනිල් රාජ­පක්ෂ, මහා­චාර්ය ලලිත් ගමගේ නම් කරලා තියෙ­නවා. මේ අයට විරු­ද්ධව නීති­මය ක්‍රියා­මාර්ග ගන්න ජනා­ධි­පති කොමි­ෂන් වාර්තා­වක් තියෙ­නවා. තොර­තුරු තහ­වුරු කර තිබෙ­නවා.

2015 මැයි 12දා මේ ගිවි­සුම ගහන අව­ස්ථාවේ මහ­පොළ භාර­කාර අර­මු­ද­ලට අයිති තොර­තුරු තාක්ෂණ ආය­ත­නයේ ගිණු­ම්වල රුපි­යල් මිලි­යන 1169ක් තියෙ­නවා. ඒක අයිති මහ­පො­ළ­ටනේ.

හැබැයි ඒ රඳ­වා­ගත් ලාභ­ව­ලින් මහ­පොළ පත්ක­රපු අධ්‍ය­ක්ෂ­වරු තොර­තුරු තාක්ෂණ ආය­ත­නයේ ගිණු­මෙන් රුපි­යල් මිලි­යන 408ක් මහ­පො­ළට දීල තොර­තුරු තාක්ෂණ ආය­ත­නය ලියා­ග­න්නවා.

කරලා තියෙන්නේ මහ­පො­ළේම සල්ලි දීලා, තොර­තුරු තාක්ෂණ ආය­ත­නය ලියා­ගන්න එකයි.

මෛත්‍රී­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ ඇතුළු කැබි­නට් මණ්ඩල මේකට වග කියන්න ඕන. උපාලි අබේ­රත්න කොමි­ෂන් සභා වාර්තාවේ සම්බන්ධ වුණු සියලු දෙනා ගැන සඳ­හන් වෙනවා.

මහ­පො­ළට අයිති තාක්ෂ­ණික ආය­ත­නය මහ­පො­ළට තියෙන්න ඕනේ. ඒකෙ ප්‍රති­ඵල දරු­වන්ට යන්න ඕනේ.

දැනුත් මහ­පොළේ බිලි­යන 22ක් තියෙ­නවා. ළමයි 76,000කට ශිෂ්‍යත්ව දෙනවා. තව දරු­වන්ට මීට වඩා අඩු­වෙන් වෘත්තීය පුහුණු පාඨ­මාලා උග­න්නන්න පුළු­වන්. ඒ සඳහා අධ්‍යා­පන ආය­ත­නය ශක්ති­මත්ව පව­ත්වා­ගෙන යන්න කළ­ම­නා­ක­රණ මණ්ඩ­ල­යක් පත් කිරී­ම­ටත්, වංච­නික ගනු­දෙ­නු­වට අදාළ වැර­දි­ක­රු­වන්ට දඬු­වම් දෙන්නත් ගත­යුතු උප­රිම ක්‍රියා­මාර්ග ගන්න අපි කට­යුතු කර­නවා.

අනුන්ගේ දේප­ළ­ව­ලට හිමි­කම් කියන්න උත්සාහ කළාට තව­මත්, එහි හිමි­කම තියෙන්නේ මහ­පොළ භාර­කාර අර­මු­ද­ලට බවත් මතක් කර­නවා.

මෙම අව­ස්ථා­වට මහ­පොළ භාර­කාර අර­මු­දලේ සභා­පති, ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ විශ්‍රා­මික විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා ද එක්වූහ.

Search