ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක විසින් වර්තමාන පාලනය සම්බන්ධයෙන් තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව පවසා ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්.
ඒ අනුව ඔහු සඳහන් කළේ, යකෙක් හෝ පැමිණ මේ රට ගොඩනඟන්නේ නම් ඊට සහයෝගය දෙන බවයි.
තවද අනෙකුත් රජයන් හා සැසඳීමේදී වත්මන් පාලනය පෙරළා දැමීමට තරම් වරදක් කර නොමැති බව මොහු පෙන්වා දෙයි.
මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්
රන්ජන් රාමනායක කියන ලෙසට මේ වන විට දූෂණය අවම මට්ටමක පවතින අතර, සොරකම් කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන යමින් සිටියි.
එමෙන්ම අපරාධවලට සම්බන්ධ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ පනත ක්‍රියාත්මක වීම නිසා සොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන බවත්, එමගින් භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබී ඇති බවත් ඔහු පවසයි.
එබැවින් යහපාලන කාලයේදී පවා මහ බැංකු සිද්ධියක් වූ බව සිහිපත් කරමින් වත්මන් ආණ්ඩුවේ යම් සුළු වැරදි තිබුණද ඒවා සාපරාධී මට්ටමේ දේවල් නොවන බවට අවධාරණය කර තිබෙනවා