තමන්ට විවිධ පාතාල කණ්ඩායම්වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලා නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඊයේ (22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් අගෝස්තු 29 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
එම ලිපියේ මෙසේ සඳහන් වේ.
මම වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත් පත්වී මේ වන විට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. එහෙත් මා හට විවිධ පාර්ශ්වලින් තර්ජන එල්ල වූ අතර එම කාලයේදී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමටද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජන එල්ල විය.
මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බව ද කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය මා හට දැනුම් දී ඇත. මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවෙන් පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මට මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මට තර්ජන එල්ල කර ඇත.
ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් එක්තරා පුද්ගලයකු මුහුණු පොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මා හට දැනගැනීමට හැකියාව ලැබුණ අතර ඉදිරියේදී එම පෝස්ටුවේ පිටපතක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බවද කියා සිටිමි. මීට පෙර අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ගේ නම් පළකර මා ඔවුන්ගේ සමීපතමයකු බවට සඳහන් කරමින් මාගේ ජීවිතයට තර්ජනය වන ආකාරයෙන් තොරතුරු දිගින් දිගටම
මාධ්‍ය හා සමාජ මාධ්‍යයන් හරහා සමාජය වෙත මුදාහැරීමක් සිදුවුණි. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි