සජබ නායකත්වය අපි බලා ගන්නම් මද්දුම බණ්ඩාර කියයි

 සජබ නායකත්වය අපි බලා ගන්නම් මද්දුම බණ්ඩාර කියයි

 සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඇති ප්‍රශ්න විසඳා එම පක්‍ෂය වෙනසක් කළ යුතු බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.. ඒ මහතා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ නායකත්වය වෙනසක් සිදුවිය යුතු බවට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මාධ්‍ය වෙත කර තිබුණු ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.. මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රවුමාන් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ අවුල් රාශියක් තිබියදී නවීන් දිසානායක මහතා සමග ජන බලවේග පක්ෂයේ අඩුපාඩු පැවසීම එතරම් නුවණක් කාර නොවුණු බවයි

Search