ඇමරිකාව සමග ඇති වෙළෙඳ පරතරය අඩු කර ගැනීම සඳහා එරටින් බොරතෙල් ආනයනයට ආණ්ඩුව සූදානම් වේ. මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් වන අතර ඊට අමතරව අමෙරිකානු සමාගම් හරහා ද බොරතෙල් ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ ඇමරිකානු අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත් අඩු කර ගැනීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකාවේ මාසික තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 300 – 400 ත් අතර වේ