ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ලෙස නම් කරමින් සිය නිර්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 25 වන දා සිට විශ්‍රාම ගැනීමට නියමිත අතර නව අගවිනිසුරුවරයා නම් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව හෙට (ජූලි 23) රැස් වී තීරණය කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේ ය.
ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වන ඔහු පත් කිරීමට නිර්දේශ වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරුවරයා ලෙස ය.
කලක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස සේවය කළ විනිසුරු සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වන්නේ 2019 ජනවාරි මාසයේය.
ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයෙකු ලෙස පත්වන ඔහු 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව 2016 අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව ඇත.