මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී නාදුනන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බවට මාරවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාරවිල පොලිසිය විමර්‌ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 30 ක් වූ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර තුවාල ලැබූ දරුවා වයස අවුරුදු 10 ක් වන මරණකාරියගේ පුතා වේ.
මරණකාරිය මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි බවටද අනාවණය වී ඇත. මෙම කාන්තාව ත්‍රී රෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී වෙඩි වැදිමට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත.
වෙඩි තැබීම සඳහා රිවොල්වර අවියක් හෝ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි
අදත් වෙඩි තැබීමක්..කාන්තාවක් මරුට…
