පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.
වැලිගම ප්රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්රමසේකර මහතා වැලිගම ප්රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
වැලිගම ප්රාදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි.
