ලෝකයක් මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා පුරවැසියන් නිර්මාණය කළහැකි ආකාරයට අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ සජිත් ප්‍රේමදාස මහතා,
‘රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළයුතු වෙනවා. මේ සඳහා සංකල්ප පත්‍රිකාවක් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව, කාර්යක්ෂමව කරන්න එය ඉතා වැදගත් වෙනවා. සමගි ජන බලවේගයේ අපි අපේ සංකල්ප පත්‍රිකාව මේ වන විට සකස් කොට තිබෙනවා. අපි මැතිවරණයේ දී එය ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා අදහස් හුවමාරු කරගත යුතු වෙනවා. ප්රගතිශීලි අධ්‍යාපන ක්‍රමයකට අපි මුලපිරිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යුගයේ අවශ්‍යතාවක්. එය ඉලක්කගතව අවබෝධයකින් ක්‍රියාත්මක වියයුතුයි. කාලවකවානු සහිතව අපි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඕනෑම ක්‍රියාවලියක් අක්‍රමවත්ව ආරම්භ වුණොත් අවසානය සාර්ථක වන්නේ නැහැ. අපේ රටේ තිබෙන්නේ පැරැණි ක්‍රම අනුගමනය කරන, කල් ඉකුත්වූ අධ්‍යාපන ක්‍රමයක්.
මේ තුළින් අපේ රටේ සිසුන්ට කරන්නේ බලවත් අසාධාරණයක්. අධ්‍යාපනය, මානව අයිතියක් ලෙස අපි අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. සුබසාධන ආර්ථිකයේ තිබෙන වැදගත්ම අංශ අපි දන්නවා. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ක්රමයේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතුයි