දැන් ජවිපෙම ජවිපෙට අභියෝගයක් වෙලා - නාමල් රාජ­පක්ෂ

දැන් ජවිපෙම ජවිපෙට අභියෝගයක් වෙලා - නාමල් රාජ­පක්ෂ

ඉදි­රි­යේදී සිය­ලුම ආසන සඳහා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් සංවි­ධා­ය­ක­ව­රුන් පත් කරන බව එම පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය. ආසන කිහි­ප­යක් සඳහා නව සංවි­ධා­ය­ක­ව­රුන් පත්කි­රී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් ඊයේ (24) ඒ මහතා මේ බව කීවේය.

“පක්ෂයේ ඉදිරි ගමන ශක්ති­මත් කිරීම, රටේ ජන­තා­වගේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලබා­දීම සහ ජන­තාව වෙනු­වෙන් පෙනී­සි­ටින දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ රට තුළ ස්ථාප­නය කිරී­මට කට­යුතු කර­නවා.

අද වන­විට ආසන සංවි­ධා­ය­ක­ව­රුන් පත්කි­රීම ආරම්භ කර තිබෙ­නවා. ඉදි­රි­යේදී අනෙක් ආසන සඳ­හාත් සංවි­ධා­ය­ක­ව­රුන් පත්ක­ර­නවා. එම­ඟින් පක්ෂය ශක්ති­මත් කර­මින් ජන­තාව වෙනු­වෙන් පෙනී­සි­ටින්න අප කට­යුතු කර­නවා. මේ වන­විට ජනතා විමුක්ති පෙර­මු­ණට, ජනතා විමුක්ති පෙර­මු­ණම අභි­යෝ­ග­යක් වෙලා. තමන් කියපු බොරු දිනෙන් දින තමන් විසින්ම බොරු බවට ඔප්පු කර­නවා.

ආණ්ඩු­වට කියන්න තිබෙන්නේ අපේ පස්සේ පන්නන්නේ නැතුව ජන­තා­වට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා. පාර්ලි­මේ­න්තු­වේදී අරය මිනී­මැ­රුවා, අර­යගේ තාත්තා, බාප්පා මිනී­මැ­රුවා කියන්නේ නැතුව ජන­තාව ආණ්ඩු බලය දුන්න හේතුව අව­බෝධ කර­ගෙන වැඩ කරන්න කියලා ඉල්ලා සිටි­නවා. අද ජනතා විමුක්ති පෙර­මු­ණට තමන් පත්වුණේ ඇයි කියලා අම­තක වෙලා. එම නිසා තමන් පත්ක­රපු කාර­ණය පිළි­බඳ අව­ධා­නය යොමු කරන්න කියලා ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා” යැයි ද මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කීවේය

Search