ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සේවාව අත්‍යාවශ්‍ය පදනමක් වන බවත් දැනට බලත්මත 2015 අංක 5 දරන නව ඖෂධ නියාමන අධිකාරී පනත මගින් ඖෂධ ශාල සදහා දැඩි අණපනත් හඳුන්වා දෙනු ලැබුවත් ඖෂධ ශාල හිමියන් සහ ඖෂධවේදීන්ගේ ඉල්ලීම මත පනතේ ඇතැම් වගන්ති ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බවට වාර්තා වන බවත් වත්මන් රජය බලයට පත්වීමත් සමග යළිත් ඖෂධ ශාලා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීම නිසා ඖෂධ ශාලා හිමියන්ගේ බලපත්‍ර රැසක් යාවත්කාලීන කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර රට පුරා ඖෂධවේදීන්ගේ හිඟය සපුරන්නේ නැතිව ඖෂධ ශාලා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ඖෂධ ශාලා හිමියන් දැඩි කනස්සල්ලට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ස්ථාවර නියෝග 27(2) යටතේ ඖෂධ ශාලා හිමියන් මුහුණ දෙන ගැටලු රැසක් අනාවරණය කරමිනි.*
ඖෂධවේදීන් ඖෂධ ශාලා තුළ සිටිම අතිශය වැදගත් නමුත් මේ හිඟය තුළ යම්කිසි අන්තර්කාලීන විසදුමකට යාම පාරිභෝගික ජනතාවගේ සහ ඖෂධ ශාලාවල පැවැත්ම සුරක්ෂා කරන බවත් ඒ අනුව දැනට රට තුළ ඇති ඖෂධවේදී පුරප්පාඩු සංඛ්‍යාවත් මේරට සමස්ත ඖෂධ ශාලා හිමියන් ගැන වාර්තාවකුත් ඉදිරිපත් කරන ලෙසත් වසරකට විශ්වවිද්‍යාල හරහා බිහිවන ඖෂධවේදීන් සහ දැනට සිටින උපාධිධාරී ඖෂධවේදීන් සංඛ්‍යාව ඉදිරිපත් කරණ ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බාහිර ඖෂධවෙදී විභාගය සදහා මුහුණ දෙය අය අතරින් සමත්වන ප්‍රමාණයත් ආධුනික ඖෂධවේදීන්ගේ පුහුණුව වෙනුවෙන් රජය විසින් සැලසුම් කර ඇති දේ මෙන්ම මෙතෙක් තිබූ පුහුණු කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන්නේ නම් ඊට යොදා ගන්නා ක්‍රමවේදයද විපක්ෂ නායකවරයා මෙහි දී විමසා සිටියේය.
බාහිර ඖෂධවේදී උපාධිය අහෝසි කරන්නට සැලසුම් කර ඇත්නම් ඖෂධවේදී හිඟය සපුරන්න රජය ගෙන ඇති පියවර මෙන්ම 2025 වසරේ යාවත්කාලීන කිරීම ප්‍රතික්ෂේප කළ ඖෂධ ශාලා ප්‍රමාණයත් ඊට හේතු කරුණු ද පෙර පැවැති ලිහිල් ක්‍රමවේද ඉවත් කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය ද ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ගැටලු නිරාකරණයට පත් කළ කමිටුවේ නිර්දේශ මෙන්ම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවරත් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ඖෂධ රැසක හිඟයක් ඇති බවද පෙන්වා දුන්නේය.
රට පුරා ඖෂධවේදීන්ගේ හිඟය සපුරන්නේ නැතිව ඖෂධ ශාලා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
