ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසා මේ වන විට දිවයින පුරා සම සුදු කරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් මෙම බොහෝ ආලේපන වර්ග වල පැවතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැති වීමෙන් තරුණ තරුණියන් දුරු වර්ණ වීමේ අවධානමකට ගොදුරුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
2015 ඖෂධ නියාමන අධිකාරී පනත අනුව මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පවතින නීත්‍යානුකූල අයිතිය ඉවත් වීමත් සමඟ මේ අන්දමට රට පුරා මිනිස් සිරුරට හානිකර බැරලෝහ වලින් සමන්විත ය ශරීරය සුදු පැහැය වැඩි කිරීමට හේතුවන බොහෝ ක්‍රීම් වර්ග වෙළඳ සල් තුළ සහ online ක්‍රමයට අලෙවි කරන බව පෙන්වා දෙයි.
Extra white, make me white, Extract, perfect white, UV lightening, pure skin, body treat, සහ Dudo up කාණ්ඩ වලට අයත් ඖෂධ හා ආලේපන වර්ග අධික රසදිය, ක්විනීන්, ස්ටෙරොයිඩ සහ වෙනත් බැරලෝහ වර්ග වලින් යුක්තව වෙළඳපොලේ අලෙවි කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝග තුළ තිබිය යුතු යි උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළඳපොළේ පවතින බොහෝ ආලේපණ වර්ගවල මෙම මට්ටම කොටස් දස ලක්ෂයකට 10 000 හෝ 20000 සීමාවේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.
බොහෝ රූපලාවන්‍ය ශිල්පීන්ද නිරූපණ ශිල්පීන් ද ආයුර්වේද වෛද්‍යවරුන් චීන කටු චිකිත්සක වෛද්‍යවරුන් ඇතුළු සුදුසුකම් නොමැති බොහෝ දෙනකු මේ වන විට මෙම සුදු වන ක්‍රීම් වර්ග ස්වයං රැකියාවක් ලෙස නිෂ්පාදනය කොට අලෙවි කරන බවද ඔහු පෙන්වා දෙයි.
කොළඹ පිටකොටුව කොටුව මල්වත්ත පාරේ මෙම ක්‍රීම් වර්ග තොග මිලට මිලදී ගත හැකිවන අතර ඉන් පසුව ඒවා කර්ෂණීය බඳුන්වල දමා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන තවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ නියාමන අධිකාරිය සහ කාර්මික තාක්ෂණ ආයතන එකතුව මෙම සුවඳ විලවුන් හා ආලේපන වර්ග නියාමනය සඳහා ප්‍රතිපත්තියක් සකස්කොට නීතිමය පදනමක් ඉදිරිපත් කරන තුරු මෙම ජාවාරම නීතියේ රැහැන්වලින් රින්ගා සිදු කිරීමට මෙම කණ්ඩායම් වලට හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව ග්ලූටතයෝන් glutathione iv එන්නත හෝ ක්‍රීම් වර්ගද පෙති වර්ගද මැද පෙරදිග රටවල සිට මෙරටට ගෙනවිත් එන්නත් කිරීම සිදුකරන අතර මෙම සියලු ඖෂධ භාවිතා කිරීම නිසා සමහි පවතින සාමාන්‍ය පැහැය දුර්වර්ණ වීම සිදුවන බවත් අක්මා රෝග ,වකුගඩු රෝග , සම ආශ්රිත පිළිකා තත්ත්ව, හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීම සංකූලතා ලෙස දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මෙවන් ආලෙපන වර්ග හෝ එන්නත් වර්ග ලබා ගන්නා බොහෝ දෙනකුගේ සමීපවතින සාමාන්‍ය පැහැය දැඩි ලෙස දුර්වර්ණ වූ පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම කළ නොහැකි වන බැවින් සුදුසුකම් සහිත බටහිර වෛද්‍යවරුන්ගෙන් සමය පවතින රූපලාවන්‍ය සම්බන්ධ ගැටළුවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි. දැනටමත් රූපලාවන්‍ය විෂය සම්බන්ධව විශේෂයෙන් අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් මෙරට සේවය කරන බවද ඔහු පවසයි
ශරීරයට දැඩි ලෙස අහිතකර සම සුදු කරන ක්‍රීම් වර්ග 8ක් රට පුරා-- විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
