Express Perl නෞකා අනතුර හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනක වන්දියක් ගෙවිය යුතු බවට අධිකරණය නියම කළත් සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරුවන අදාල නෞකා සමාගම බංකොලොත්භාවය හේතුවෙන් වසා දමා ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් අදාළ සමාගම බංකොලොත්භාවය නිසා වසා දමා ඇතත් සමාගම වෙනුවෙන් වන්දි ගෙවීම එහි රක්ෂණ සමාගම විසින් කරනු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එම වන්දි නඩුව පැවරූ එහි සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේය.
එම නඩුවේදී නෞකා සමාගම ඇතුළු වග උත්තරකරුවන් දහසක් නම් කරනු ලැබ ඇති බවත් ඔවුන් සියලු දෙනා තනි තනිව හෝ සාමූහිකව මෙම මුදල ගෙවිය යුතු බවත් නියෝගය සඳහන්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එවකට විෂය භාරව සිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩඒවා සහ සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර එවකට අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහින්ද අමරවීර, රෝහිත අභයගුණවර්ධන වරාය අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය වරාය අමාත්‍යාංශය වෙරළ සංරක්ෂණ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය හාබර් මාස්ටර් ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා පුද්ගලයෙන් රැසක් මෙසේ වග උත්තරකරුවන් කර ඇතැයිද සභාපතිවරයා පැවසීය..
නැව් සමාගම ගැන අදහස් දැක්වූ දාබරේ මහතා අනතුර සිදුවී සතියක් ගතවන විට නැව් සමාගම බංකොලොත්භාවය හේතුවෙන් වසා දැමූ බවත් එවැනි නැව් අනතුරකදී බොහෝ සමාගම් එසේ වසා දමනු ලබන බවත් එසේ වුවද එය වන්දි ලබා ගැනීමේදී ප්‍රශ්නයක් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම කීය
නැව් ගින්නේ වන්දිය ලැව්ගින්නක් වෙයි ...
