විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙන බවට යන ප්‍රචාරය ආණ්ඩුවේ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ තවත් බොරුවක් බවත්, ආණ්ඩු පක්ෂයේ දේශපාලන කඩාවැටීම, නොහැකියාව සහ නිර්මාණය වෙමින් පවතින සමාජ විරෝධය වසාගැනීමට ආණ්ඩුව අසාර්ථක ප්‍රයත්නයක යෙදෙන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ආණ්ඩුව බොරුව සමාජගත කරමින් බලයට පැමිණියා සේම බලයේ සිටීමටත් බොරුවම පාවිච්චි කරන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා, සජබ තුළ නායකයා වෙනස් කරන සාකච්ඡාවක් කිසිදු ලෙසකින් සිදු නොකෙරුණු බවත් කීය.
ආණ්ඩුවේම පිරිස නිර්මාණය කරන මෙවැනි බොරුවල පදනම ඉතා පැහැදිලි බව සඳහන් කළ හෙතෙම විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට නායකත්වය දීමට කිසිදු සූදානමක් නැති අතර පදනමක් නැති බොරු කීමේ කලාවට ජනතාව නැවත හසු නොවන බවද පැවසීය
සජිත් නායකත්වයෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා කතාව ආණ්ඩුවේ සහ රනිල්ගේ ගෙතු බොරුවක්...වෙන කිසිවෙකු නෑ.. දිගටම සජිත් තමයි-- මද්දුම බණ්ඩාර කියයි
