2009 වසරේදී සිදුවූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය ඇතුළු චෝදනා යටතේ සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් එවකට ගම්පහ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කුරේ මහතා බූස්ස බන්ධනාගාරයේ රඳවාගෙන වධහිංසනයට ලක්කර අත්අඩංගුවේ රඳවා තබා ගැනීමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා පස්වරුවේ තීන්දු කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙත්සම්කරුට හිමිවී ඇති මූලික අයිතිවාසිකම් දෙකක් උල්ලංඝනය කර ඇති බවයි. කිසිම තැනැත්තකු වධ හිංසනයට හෝ ක්‍රෑර, අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය යන 11 වන ව්‍යවස්ථාවත් 13 (2) ව්‍යවස්ථාවත් එනම් අත්අඩංගුවටය ගත් යම් පුද්ගලයකු නිසි අධිකරණයක විනිශ්චයකාරවරයකු කරනු ලබන ආඥාවක් මත මිස ඒ තැනැත්තා තවදුරටත් රඳවා තබා ගැනීමෙන් ඔහුගේ පුද්ගලික නිදහස අහිමි නොකළ යුත්තේය යන මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් උල්ලංඝනය කර ඇති බව එකී තින්දුව මගින් නිගමනය කළේය.
එකී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වන්දියක් ලෙස රජය පෙත්සම්කරුට රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ එකඟත්වය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රකාශයට පත් කළ එම තීන්දුව මගින් නියෝග කෙරිණි. එයට අමතරව පෙත්සම්කාර ලක්ෂ්මන් කුරේ මහතා වධහිංසනයට භාජනය කළ බවට චෝදනා එල්ලවී ිතිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කළ නිලධාරීන් දෙදෙනකු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුන බැගිනුත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගිනුත් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ද එකී තීන්දුවෙන් නියම කෙරිණි.
සැකය මත යමෙකු අත්අඩංගුවට ගන්නේ නම් කඩිනමින් එකී සැකය තහවුරු කිරීමට අවශ්‍ය සාධක පොලිසිය අනාවරණය කළ යුතු බවත් එලෙස නොමැතිව දිගින් දිගටම සැකය මත පමණක්ම යමෙකු රඳවා තබා ගැනීම ඔහුගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ඒ. එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රකාශයට පත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.
2009.8.12 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් තමාව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත රඳවා තබා ගැනීම හා වධහිංසනයට ලක් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු 2010 වසරේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
සිය සේවාදායකයා පුරා වසර 14කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි බවද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.