ගංජා අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය අද (27) නියෝග කළාය.
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්ව ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්වව සිටින ඉන්දික කුමාර නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කසිප්පු , ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ලබා සිටින මොහු පසුගිය මැතිවරණයේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අයෙක් බව පොලිසිය පවසයි.
මීට පෙරද මෙම මන්ත්‍රීවරයා ගංජා සහ කසිප්පු අලෙවි කිරීමේ චෝදනාව යටතේ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් බවද ගම්පොළ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.