කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය ඇප මත මුදා හරින ලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.
වලාන මයධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
ව්‍යාජ දත්ත ඇතුළත් ලියාපදිංචි කරන ලද ජීප් රථයක් අලෙවි කිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසියට කට්ටි පනිමින් සිටි ඇය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වු අවස්ථාවේ අත්අඩංගුවට ගන්න ලැබීය.
ව්‍යාජ දත්ත ඇතුලත්කර ලියාපදිංචි කරන ලද එම ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාට අලෙවි කර තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම වාහනය රොෂෙල් අබේගුණවර්ධන මහත්මියගෙන් මිලදීගත් බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා
පසුගිය කාලයේ පොලිසිය උත්සාහ කළද
ඇය නිවසේ නොසිටීම නිසා එම උත්සාහය ව්‍යාර්ථ වී ගොස් තිබිණි.