ඇමරිකානු ට්‍රම්ප් පාලනය විසින් මෙරටට අදාළව පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු අඩුකර ගැනීම වෙනුවෙන් මැදිහත්වූ රජය ප්රමුඛ සාකච්ජා කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රශංසා කර තිබේ.
ඒ සමඟ නව තීරුබදු පැනවීමට අදාළව ට්‍රම්ප් පාලනය විසින් නිකුත්කළ නියෝග ඇතුළත් නිවේදනය කෙරෙහිද එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය ඇතුළත් නිවේදනයේ එන,
” සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමග අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වීමට ආසන්නය.
(2) (ආ) ” මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනාගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් වලට එකඟ වී ඇත. නැතහොත් අවසන් කිරීමට ආසන්නය. ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදු වලට යටත්ව පවතිනු ඇති අතරින් එම ගිවිසුම් වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි.”
උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර තිබෙන්නේ, ඇමරිකාව සමඟ අර්ථවත් වෙළෙඳ සහ ආරක්ෂක ගිවිසුම් වලට ළඟාවීම පිළිබඳව රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය විසින් අද (01) නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.