අදත් වෙඩි තියයි...හුංගම දරුණු වෙඩි තැබීමක්, එක් අයෙක් ජීවිතක්ෂයට

 අදත් වෙඩි තියයි...හුංගම දරුණු වෙඩි තැබීමක්, එක් අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්තොට හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි. 


එසේම බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.

Search