විපක්ෂයට බලය ගිය ආදායම් අඩු සභා අවුලක.... සේවක වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්..

විපක්ෂයට බලය ගිය ආදායම් අඩු සභා අවුලක.... සේවක වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්..

විපක්ෂයට බලය හිමි වූ ආදායම් අඩු පළාත් පාලන ආයතන  ගණනාවක් සේවක වැටුප් ගෙවා ගැනීමේ අර්බුදයකින් පෙළෙන බව දැනගන්නට ඇත. මෙයට හේතු වී ඇත්තේ එම ආයතනවල සේවක  වැටුපෙන් සියයට විස්සක් ප්‍රතිපූරණය නොකරන බව රජය මගින් දැනුම්  දී තිබීමය.

නගර සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට හැටක් රජය ලබාදෙන අතර ඉතිරි  සියයට හතළිහ සභාවේ  ආදායමෙන් සේවකයන්ට ගෙවිය යුතුවේ.

ප්‍රාදේශීය සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට අසූවක් රජයෙන් ලබාදෙයි. ඉතිරි සියයට විස්ස සභාවේ ආදායමෙන් සේවක වැටුපට එකතු කළ යුතුය. 

විපක්ෂයට බලය හිමිවූ නගර සභාවලට මෙම ප්‍රශ්නය බලපා නැති අතර අසීරුවට පත්වී ඇත්තේ ආදායම් අඩු දුර බැහැර ප්‍රාදේශීය සභා කිහිපයකි.

සමගි ජනබලවේගයේ  ජාතික  සංවිධායක තිස්ස අත්තනායක  පවසන්නේ විපක්ෂයට බලය හිමිවූ ආදායම් අඩු සභාවලින් සියයට විසි පහකට පමණ මෙම ප්‍රශ්නය බලපාන බවය. “මෙතෙක් සෑම  රජයක්ම වැටුප් ගෙවීම සඳහා එම මුදල් ප්‍රතිපූරණය කළා. මේ වනවිට එම මුදල් ලැබී නෑ. ලග්ගල, පල්ලේගම සහ අඹන්ගඟ කෝරළයේ සභා දෙකට මෙම ප්‍රශ්නය තදින්ම බලපාලා තියෙනවා”යැයිද ඔහු පැවසීය

Search