ආරක්‍ෂක නි. ඇමති බංකු බංකුට එරෙහිව විශ්වාස භංගයක්…

ආරක්‍ෂක නි. ඇමති බංකු බංකුට එරෙහිව විශ්වාස භංගයක්…

සමගි ජන බලවේගය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ගෙන ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු වලට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ තනතුර බාධාවක් විය හැකි බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාතේ ආඥාපතිවරයා ලෙස කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.

මෙම කරුණට අමතරව තවත් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් විශ්වාසභංග යෝජනාව සකස් කෙරෙන බව සඳහන් වේ. එය කෙටුම්පත් කිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ හෙට (අගෝස්තු 06) දින විපක්ෂ නායකවරයා සාකච්ඡා කිරීමට නියමිතය

Search