ඕවට මම නෑ ...මගේ හිමිකම් ගැන මම බලා ගන්නම්– චන්ද්‍රිකා කියයි !

ඕවට මම නෑ  ...මගේ හිමිකම් ගැන මම බලා ගන්නම්– චන්ද්‍රිකා කියයි !

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මඟින් සඳහන් කර ඇත්තේ, මෙම පනත අහෝසි කිරීමට එරෙහිව නඩු පවරා ඇති හිටපු ජනාධිපතිවරුන් පිරිසක් සමඟ තමා ද එක්ව සිටින බවට සමහර මාධ්‍ය ආයතන වැරදි ලෙස වාර්තා කර ඇති බවයි.

එම වාර්තා “මුළුමනින්ම අසත්‍ය” බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇති අතර, එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට තමා සම්බන්ධ වී නොමැති බව ද ඇය තහවුරු කර තිබේ.

Search