බන්ධනාගාර රෝහලේම රැඳවියකු තබා ගන්න ලක්ෂ 15ක් ඉල්ලලා... අල්ලස් ගත් බන්ධනාගාර රෝහලේ හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

බන්ධනාගාර රෝහලේම රැඳවියකු තබා ගන්න ලක්ෂ 15ක් ඉල්ලලා... අල්ලස් ගත් බන්ධනාගාර රෝහලේ හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි රැඳවියකු තවදුරටත් රඳවා ගෙන ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 3ක් ලබා ගත් බව කියන අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වූ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (13 දා) නියෝග කෙරිණි.

2024 වසරේ බන්ධනාගාරගත කර සිටි රැඳවියකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. එලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් ඔහු එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 15ක් එම ඥාතීන්ගෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක් අල්ලස් ලෙස ලබා ගනිද්දීම අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

සැකකාර වෛද්‍යවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේය

Search