මැදිරිගිරිය ගොවි සංවිධාන නියෝජිතයින් සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ වී මිල සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අතරතුරදී බව සඳහන්.
එහිදී ගොවි නියෝජිතයන් සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර වී මාෆියාව නතර කරන බවට පැවසුවත් අද වන විට එවැන්නක් නොපෙනෙන බවයි.
එසේම මෙම තත්ත්වයට ආණ්ඩුව පිළියම් නොයෙදුවහොත් ඉදිරියේදී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් පැවසුවා.
මේ අතර තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින් ගොවීන් ඉල්ලා සිටි වී මිල ඉල්ලීම නොලැබුණු බව පවසමින් ගොවි සංවිධාන නියෝජිතයන් එම රැස්වීමෙන් නැගිට ගොස් ඇත.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද එක්ව සිටි බව සඳහන්