GLගේ රැස්වීමට සජබ නොයයි හවුල්කාර පක්ෂ යයි

GLගේ රැස්වීමට සජබ නොයයි හවුල්කාර පක්ෂ යයි

හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතාගේ නාරයෙන්පිට නිවසේ දී අගෝස්තු 14 වන දින පැවැත්වූ රැස්වීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හැර සමඟ ජන සන්ධානය හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගි වී ඇති බව වාර්තාවේ.


 වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය වර්තමාන දේශපාලනය හා ආර්ථික තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට සාකච්ඡාව පවත්වා ඇත. එම සාකච්ඡාව සඳහා සමග ජන සන්ධානය නියෝජනය කරන මනෝ ගනේෂන් මහතා සහභාගි වී ඇති අතර මුස්ලිම් කොංග්‍රසයේ නායක වෙනුවට පක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකු එම සාකච්ඡාවට යොමු කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළේය .

මෙම සාකච්ඡාව සඳහා පසුගිය පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තර්ක කළ පසුව ආණ්ඩුව සමඟ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක් වූ ජීවන් තොණ්ඩමන්ද සහභාගි වී ඇති අතර ඊට අමතරව මහින්ද අමරවීර ඇතුළු වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද සහභාගි වී ඇත

Search