ස්ථාවර නියෝගවල එහෙම නෑ…බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුවත් බෑ
විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහිව කථානායක වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
ඊට හේතුව වී ඇත්තේ කැබිනට් අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි වුවද නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එලෙස විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට අදාළව මෙරට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන් හි සඳහන් වී නොතිබීමය.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව පැහැදිලි ස්ථාවර නියෝගයන් හි කරුණු නොමැති විට සිදුකළ යුතු වන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුගමනය කිරීමය. එහෙත් එලෙස අනුගමනය කිරීමට යෑමේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදිය නොහැකි බව සඳහන් කර තිබේ.
ඒ අනුව මේ වනවිට භාරදී ඇති විශ්වාසභංගය පිළිබඳව ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද ඉහත කාරණා සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ඉහත දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
කෙසේ වෙතත් මෙවැනි විශ්වාසභංගයක් භාරදීමේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මේ පිළිබඳව දැනුවත් නොවී සිටීම පුදුමයට කරුණක් බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ අතර මෙරට සිටි කිසිම නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව මෙතෙක් විශ්වාසභංගයක් භාරදී නොමැති බව පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේය. වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට ද ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු ආයතනයක වගකීම ගැසට් මගින් ප්‍රකාශ කර නොතිබීම හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වාසභංගයක් ගෙන ඒම දෝෂසහගත තත්ත්වයක් යැයි දේශපාලනයේ තතු දත් නීති විශාරදයෙක් කියා සිටියේය