ඔන්ලයින් ණය මර උගුලට හසුවූ ජනතාවට සජබෙන් නීති සහාය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි

ඔන්ලයින් ණය මර උගුලට හසුවූ ජනතාවට සජබෙන් නීති සහාය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි

මූල්‍ය වශයෙන් අර්බුදකාරී රටවල් තෝරා විදේශීය කණ්ඩායම්වලින් යුත් ඔන්ලයින් ණය මාෆියාව හරහා රටේ ජනතාව ගොදුරු කර ගෙන ඇති බවත් පොළිය සදහන් නොකර ගිනි පොලියක් අය කරමින් ණය ගෙවීම අපහසුතාවන විට චරිත ඝාතන බලපෑම් තර්ජනය කිරීම් ආදිය සිදුකරන බවත් ෆේස්බුක් හරහා තොරතුරු විකෘති කර පවුල් ජීවිත පවා විනාශ වන ආකාරයට මෙම ණය මාෆියාව ක්‍රියාත්මක බවත් මේ ණය මරඋගුල කරන ආයතන ගැන තොරතුරු ඇති නිසා මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීතිඥයන් වෙන් කර මේ රටේ ඔන්ලයින් ණය මාෆියාවට ගොදුරක් වූ සියලුම පුරවැසියන්ට නොමිලේ නීති සේවා ලබා දී මේ ණය මෝරුන්ට නීතිමය ලෙස  පාඩමක් උගන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*ඔන්ලයින් ණය මාෆියාව තුළින අගතියට පත් පුද්ගලයන්ගෙන් යුත් සංවිධානයක් වන රට සමග අපි එකට සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය. මෙම සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක Citizen voice වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක විය.*

මීට වසර කිහිපයකට පෙර මෙම ණය මාෆියාව අනාවරණය වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ තමා ඉහළ හඬක් නැගු බවත් ඒ තුළ මේ නීතිවිරෝධී ණය මාෆියාව යම්තාක් දුරකට අකර්මණ්‍ය වු බවත් නව අණපනත් හරහා දැඩි නියාමනයකට ලක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය විද්වත් නීති මණ්ඩලය එකට එකතු වී ඔන්ලයින් ණය මාෆියාවට හසුවු ජනතාවට නීතිමය සහන ලබා දෙන බවත් පීඩා නොවන ලෙසත් සමගි ජන බලවේගය නොමිලේ නීති සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

NEWS CLIP 🧧 https://youtu.be/N0qlb7wtLIU?si=ukYQDve8C6ZNvFai

Search