මහජන බදු මුදල් ලක්ෂ 8 හදුන්නෙති වැය කරලා ! - ‘අද’ අනාවරණයක්

මහජන බදු මුදල් ලක්ෂ 8 හදුන්නෙති වැය කරලා ! - ‘අද’ අනාවරණයක්

2025 ජුනි 15 සිට ජුනි 30 දක්වා කාලය තුළ චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුව ( world economic forum 2025 ) තුලන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දින හතරක් පමණක් ඒ සඳහා සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්වෙද්දි මහතා වෙනුවෙන් එම අමාත්‍යාංශය රුපියල් අටලක්ෂ දොළොස් දාහස් හයක් පමණක් වියදම් කර ඇති බව වාර්තා වෙයි.


අද පුවත්පතේ පළවූ විශේෂාංගයක මේ බව සඳහන්ව ඇති අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ මීට අදාළ තොරතුරු ලබාගත් බවද එහි සඳහන්ය.

අමාත්‍යංශය ලබාදුන් තොරතුරු අනුව චීනයේ පැවති ලෝක ආර්ථික සංසදය පැවැත්වී තිබෙණුයේ 2025 ජුනි 15 සිට ජුනි 30 දක්වා දින 15ක කාලයක් පුරාය. කෙසේවෙතත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා සමුළුව සඳහා සහභාගී වීමට මෙරටින් පිටත්ව ගොස් තිබෙන්නේ ජුනි 22 වන අතර ජුනි 23 සිට 27 දක්වා දින 4 ක කාලයක් චීනයේ ටියැන්ජිං නගරයේ සිට ආපසු පැමිණ තිබේ.

මෙම සංචාරයේ වෙනත් කිසිඳු වියදමක් අමාත්‍යංශය දරා නොමැති බවද RTI මඟින් පුවත්පත තහවුරු කරගෙන ඇත.

මේ සම්බන්ධව උදෑසන පත්තරේ කියවමින් චමුදිත සමරවික්‍රම පවසා සිටියේ “හැබැයි හඳුන් දින 4න් ආපු එක හොඳයි. මොනවා වුණත් හොඳයි. ඇත්තටම දවස් 15ම හිටියා නම් දවස් 4 ට අරම හෑවා නම්, දවස් 15 හෝදන්න ටුවරිස්ට් බෝර්ඩ් එකට ලක්ෂ 800ක් යයි. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනවනේ ” කියාය

Search