කිලෝ පන්දහසක ගුවන් තැපැල් කටුනායක හිරවෙලා! – තැපැල්පති – වර්ජනය දිගටම

කිලෝ පන්දහසක ගුවන් තැපැල් කටුනායක හිරවෙලා! – තැපැල්පති – වර්ජනය දිගටම

සැබෑ ගැටලුව ඇඟිලි සලකුණු යන්ත්‍රය නොවේ: සාධාරණය ඉටුවෙන තුරු අපි සටනේ-තැපැල් – විදුලි සංදේශ නිලධාරි සංගමයේ සභාපති

තැපැල් සේවකයන් ඊයේ (20දා) තුන් වැනි දිනයටත් ක්‍රියාත්මක කරනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විදේශ රටවල්වලින් එවනලද කිලෝග්‍රෑම් පන්දහසකට අධික ලිපි තැපැල්, පාර්සල්, ලියකියවිලි රැසක් කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් භාණ්ඩ ගම්මානයේ :ක්‍්රටද ඪසකක්ටැ* සිරවී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

මීට අමතරව ලිපි තැපැල්, පාර්සල්, ගමන් මලු රැසක් ද දුම්රිය ස්ථානවල හා තැපැල් කාර්යාලවල සිරවී ඇති බවත් ඒවා මෙතෙක් ගණනය කර නොමැති බවත් තැපැල්පතිවරයා කීය.

මෙම වැඩවර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල මහජන සේවා කටයුතු මෙන්ම ලිපි බෙදා හැරීමේ කටයුතු සියල්ල ද අඩපණ වී තිබිණි.

තැපෑලේ සේවා කටයුතු කරගැනීමට පැමිණි මහජනතාවට ඊයේ ද (20දා) සිය අවශ්‍යතා ඉටු කරගත නොහැකිව ආපසු හැරී යෑමට සිදුවිය. සිය කාර්යයන් ඉටු කරගත නොහැකිවීම හේතුවෙන් ජනතාව තැපැල් සේවකයන්ට දැඩි අප්‍රසාදය පළ කරන අයුරු දක්නට ලැබිණි.

මේ අතර තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.පී.සී. නිරෝෂණ මහතා “දිවයින” ට පැවසීය.

ඇඟිලි සලකුණු යන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයන්ම අසත්‍ය බවද හෙතෙම කීය.

නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පවසා තිබෙනවා ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම මේ වර්ජනයට හේතුව කියලා. ඒක පට්ටපල් බොරුවක්. එතුමියට දේශපාලන හිතවත්කම් තියෙනවා. මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ 2012 සිට. ඇත්තටම ගැටලුව මේක නොවේ. අතිකාල දීමනා, සේවක හිඟය, වැඩබලන තැපැල් අධිකාරි ෂෂෂ ශ්‍රේණිය තනතුරු ස්ථිර කිරීම, තැපැල් නිලධාරීන් දෙදහසකගේ හිඟයක් තියෙනවා. තැපැල්කරුවන් තුන්දහසකගේ හිඟයක් තියෙනවා. මේ ගැටලු මැද තමයි තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ. සේවක හිඟයක් තියෙනකොට දැනට ඉන්න සේවක පිරිසගේ වැඩ ප්‍රමාදය වැඩි වෙනවා. ඒ අයට අමතරව වැඩ කරන්නත් වෙනවා. එතකොට ඒ අයට අතිකාල දීමනා ලබාදිය යුතුයි.

අමාත්‍යවරයා සමග අපට විධිමත් සාකච්ඡාවක් ලබාදෙන්න. එතකොට අපි එතුමාට මෙහි ඇත්ත පහදලා දෙන්නම්. අපිට සාධාරණයක් වන තුරු මේ තැපැල් වර්ජනය දිගටම අරගෙන යනවා.

Search