ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්න නොතීසි

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්න නොතීසි

ඇප මත මුදා හැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත..


ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කළ බවට එල්ල වී තිබෙන චෝදනාව යටතේ ඩයනා ගමගේ මහත්මිට එරෙහිව පනවා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ අද කැඳවූ අවස්ථාවේ ගමගේ මහත්මිය එම අවස්ථාවට සහභාගි නොවීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් ද අධිකරණය විසින් නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

Search