රුපියල් 370 වේ එන්නත රුපියල් 50,000ට මිලදීගන්න රජය සැරසෙයි

රුපියල් 370 වේ එන්නත රුපියල් 50,000ට මිලදීගන්න රජය සැරසෙයි

හදවත් සැත්කම් සිදුකිරීමේදී අත්‍යවශ්‍ය එන්තක් වන පැපවරින් එන්නත රුපියල් 370කට පමණ ලබාදෙන සමාගම් ඇතත් ඔවුන් රජයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම එන්නත එම මුදලට මිලදී ගැනීම සඳහා රජයන් සමග සෘජුවම සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියි.

යම් අඩුපාඩුවක් සිදුවී ඇති එම එන්නත මෙවර පමණක් සැපයුම්කරුවන්ගෙන් රුපියල් 40,000කට 50,000කට වැනි මුදලකට මිලදී ගැනීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

නමුත් ඉදිරියේදී එම එන්නත රුපියල් 300 ගණනකට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවත් ඒ මහතා පැවසුවේය.

Search