නෝර්වේ හි කීර්තිමත් රාජතාන්ත්රිකයකු වන එරික් සෝල්හයිම් මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් මුදාහරින ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තමා කනස්සල්ලට පත්වන බව ද පවසමිනි.
සෝල්හයිම් මහතා සිය සටහනේ මෙසේ සඳහන් කර ඇත: “හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් මුදාහරින ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා බොහෝ නායකයින් සමඟ මම ද එක්වෙමි. රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අප සියලු දෙනාම කනස්සල්ලට පත්ව සිටිමු.”
“2022 වසරේ ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් අන්ත අසරණ තත්ත්වයකට පත් වූ විට රට බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් විය. රනිල්ට එල්ල වන චෝදනා පදනම් විරහිතයි. ඒවා සත්‍යයක් වුවද, යුරෝපයේ එවැනි හැසිරීම් අපරාධයක් හෝ පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස නොසැලකෙනු ඇත.”
“දූෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කරන ව්‍යාපාරයට මගේ පූර්ණ සහයෝගය තිබේ, නමුත් කරුණාකර සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්න!” යනුවෙන් ද සෝල්හයිම් මහතා අවධාරණය කර ඇත.
එරික් සෝල්හයිම් යනු නෝර්වේජියානු දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන අතර, ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හිටපු විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත