රනිල් ගැන කතා කරන්න සජබ මන්ත්‍රීවරු රැස් වෙති

රනිල් ගැන කතා කරන්න සජබ මන්ත්‍රීවරු රැස් වෙති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විපක්ෂ නායක කාර්යාලයට අද (25 වැනිදා) දහවල් රැස් වෙති.



මෙම රැස්වීමෙන් පසු සමගි ජන සන්ධානයට අයත් සියලු පක්ෂ නායකයෝ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය.


සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු රැස්වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර ගැනීම සඳහා ය. මෙම සාකච්ඡාවෙන් පසුව පැවැත්වෙන සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත දැනුම් දෙනු ලැබ ඇත.

Search