කුටුම්භ ආදායම, රැකියා නියුක්තිය සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල ජීවන තත්ත්වය මේ වනවිට ආර්ථික අර්බුදය පැවති කාලයටත් වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දිනකට පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් 3.65ක ක්‍රය ශක්ති සාම්‍යය සීමාවෙන් මනිනු ලබන දරිද්‍රතා අනුපාතය ගිය වසරේ (2024) දී සියයට 24.5ක් වූ අතර එමගින් සමාජ අවදානම අඛණ්ඩව පවතින බව ඉස්මතු කෙරෙන බව ද එම අමාත්‍යාංශය කියයි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ‘මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය – 2026’ නම් වාර්තාවේ මේ බව දැක්වේ.