දවසේ වෙඩිල්ල මාතරෙන්

 දවසේ වෙඩිල්ල මාතරෙන්

25 වන දින රාත්‍රී කාලයේ මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් ඇති බවට මාතර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.


මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇත.

එම වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමඟ පොර බැදීමක් සිදු කිරිමෙන් පසු සැකකරු පලාගොස් ඇත. ගිනි අවිය, සජීව පතරොම් 04 ක් සහ හිස් කොපුවක් එම ස්ථානයේ දමාගොස් තිබියදී හමු වී ඇත.

මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මාතර පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි

Search