මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවන්චිකුඩි පොලිස් කොට්ඨාසය යටතේ ඇති කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීමට පෙරේදා (අගෝ. 25) සවස කළුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ය.
කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීම පිළිබඳ නඩුව අගෝස්තු 25 වන සඳුදා, කළුවන්චිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අතර එහිදී කළුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීමට නියෝග කළේය.
මේ අතර, පෙර නඩුවේදී අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ නීතිපතිවරයා කළුවන්චිකුඩි අධිකරණය විසින් 25 වන දා ම කළුවන්චිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබිණි.
ɓbɓ
කෙසේ වෙතත්, සඳුදා නඩුව කැඳවූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකු පැමිණ සිටියේ නැත.
අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස් මොරාක් රහීම් ඇතුළු එහි නිලධාරීන් පැමිණ සිටි අතර පැමිණිලිකරු අබ්දුල් මජීඩ් අබ්දුර් රවුෆ්, කළුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති ජී. ගජනායක, පොලිස් අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ නීතිඥයෝ අධිකරණයට පැමිණ සිටියහ