ප්‍රශ්නගත බහාලුම් 309 සම්බන්ධව සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ අධීක්ෂණ නිලධාරියා ද එම බහාලුම් නිදහස් කිරීමේ කාර්යයට සම්බන්ධ වී ඇති බව ජනාධිපති කමිටු වාර්තාවේ පිටු අංක 12 සඳහන් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.
එම චෝදනාව එල්ල වී තිබෙන සීවලී අරුක්ගොඩ රේගුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස ආණ්ඩුව පත්කර ඇති බවත් ඔහුට ජනාධිපති පත්කළ කමිටු වාර්තාවේ මෙසේ විශාල චෝදනාවක් එල්ල වී තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව, එහි විනිවිදභාවය ප්‍රශ්න කරන බව පාරිශුද්ධභාවය කුමක්ද? යන්නත් මන්ත්‍රිවරයා විමසීය.
එසේ ම, සීවලී අරුක්ගොඩට අල්ලස් හා දූෂණ කොමිසමේ ඔහු පිළිබඳව පැමිණිල්ලක් ද තිබෙන බවට රහුමාන් චෝදනා කළේ ය.
බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පිටු අංක 12 කරුණු ගෙනහැර දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ. 27) මෙසේ ද පැවසීය.
ප්‍රශ්නගත බහාලුම් ගැන සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ පිටු අංක 12 බහලුම් 309 නිදහස් කිරීම සිදුකළ එනම් 2025 ජනවාරි 18 රැස්වූ කමිටුව සඳහා සහභාගී වී ඇත්තේ එක සාමාජිකයෙකු පමණි. එනම් එස්.ඒ.ටී.බී. සුරවීර පමණි.
කමිටුවේ අධ්යක්ෂ නිලධාරියා ලෙස කටයුතු කළ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ සීවලී අරුක්ගොඩ එදින බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සහභාගී වී ඇති අතර ඒ අනුව බහාලුම් නිදහස් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනෙක් සහභාගී වුවද සීවලී අරුක්ගොඩ එම කමිටුවේ අධීක්ෂණ නිලධාරියා වන බැවින් ඔහු බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම තුළින් බහලුම් නිදහස් කිරීමේ අධීක්ෂණ කාර්යය සිදුවී නොමැති අතර එදින රැස්වූ එනම් 2025 ජනවාරි 18 කමිටුවේ කාර්යය කිසිදු නිලධාරියකුගේ අධීක්ෂණයට ලක්වී නොමැත