දවසේ වෙඩිල්ල පානදුරෙන් -අයෙක් මරුට…වසරේ මේ දක්වා වෙඩි තැබීම් 86 ක්...මරණ 48යි

දවසේ වෙඩිල්ල පානදුරෙන් -අයෙක් මරුට…වසරේ මේ දක්වා වෙඩි තැබීම් 86 ක්...මරණ 48යි

පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.


පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසක් තුළ සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම ඝාතනයට හේතුව සහ ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණු පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියගිය පුද්ගලයා, ‘පානදුර නිලංග’ නමින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මාමණ්ඩිය බවට තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි තැබීම, ‘පානදුර සලින්දු’ නමැති තවත් කල්ලි නායකයෙකුගේ නියෝග මත සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි

 වසරේ මේ දක්වා වෙඩි තැබීම් 84 ක්...මරණ 45 ක් සිදුවී ඇත

Search