තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිදුවීම ඔහු විසින්ම සැලසුම් කරන ලද ක්‍රියාවලියක් - පොලිස්පති

තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිදුවීම ඔහු විසින්ම සැලසුම් කරන ලද ක්‍රියාවලියක් - පොලිස්පති

තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම ඔහු විසින්ම සැලසුම් කරන ලද ක්‍රියාවලියක් බව හෙළිදරව් වී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයටත් කරුණු වාර්තා කර ඇතැයිද ඒ මහතා පැවසීය.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අධිකරණයේ විභාග වන නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරා අදහස් පළ කිරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය

Search