විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් ඉදිරි දින කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රධාන චෝදනා දෙකක් යටතේ මෙම පක්ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පක්ෂ නායකයා පැවති ආණ්ඩුවක ප්‍රබල අමාත්‍ය ධුරයක් හෙබවූ අතර එම කාලයේදී ඔහු රාජ්‍ය සේවකයන් තම පෞද්ගලික වැඩකටයුතු සඳහා යොදා ගැනීම, පවතින නීතිරීතිවලට පිටින් අමාත්‍යාංශයේ මුදල් පරිහරණය කිරීම
යන චෝදනා මත මොහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
අමාත්‍ය ධූරය හෙබවූ සමයේ රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික වැඩ කටයුතු සඳහා යොදා ගත් බවට එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධව රාජ්‍ය සේවකයින් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි