ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි -20කට වැඩි පිරිසකට තුවාල

 ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි -20කට වැඩි පිරිසකට තුවාල

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.


බස් රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස පෙරළී ඇති අතර, එය මීටර 500ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි පිරිසක් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Search