මානව අයිතිවාසිකම් කඩකිරීම් සහ දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක කරන්න එපා – පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරීන් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් CCPR සම්මුතිය දේශීය වශයෙන් අණපනත් හරහා බලගැන්වී ක්‍රියාත්මක වනවිට යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට දේශපාලන දඩයම් කිරීමට භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් CCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාවය සහෝදරත්වය සහ ජන කොට්ඨාස අතර සමගිය තහවුරු කරමින් ශිෂ්ටසම්පන්න සාමකාමී සමාජයක් සහෝදරත්වයෙන් ජිවත් වෙන සමාජයක් නිර්මාණය කරන්නට බවත් පැවසීය.
කරන කියන දේ ප්‍රකාශ, සංදර්භය, ප්‍රකාශයේ අන්තර්ගතය හා ස්වභාවය මෙන්ම ආසන්න ලෙස සිදුවිය හැකි හානිය ආදි පදනමක් මෙන්ම කොන්දේසි මාලාවක් පරීක්ෂණයක් ලෙස සිදුවන බවත්, එය ප්‍රකාශයට පත්කළේ විවිධ රටවල් මේ සම්මුතිය උපයෝගී කරගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් දේශපාලන දඩයම් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට බවත් කරුණාකර මේ සම්මුතිය උපයෝගී කරගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (04 දා) විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.
මේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උපයෝගී කරගෙන දේශපාලන පළිගැනීම් සිදු නොකරන ලෙසත් මේ සම්මුතිය වැරැදි ආකාරයට භාවිත නොකරන ලෙසත් මෙහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය