විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් සිදු කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තා සමගි ජන බලවේගය තරයේ ප්‍රතික්ෂේප කරයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කැඳවා ඇති බවට එම වාර්තාවල සඳහන් විය.
මෙම වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ, අල්ලස් කොමිසමෙන් මේ වන තෙක් සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු කැඳවීමක් සිදු කර නොමැති බවයි.
මෙම පුවත් මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයක් බවත්, මෙය අතිශය කනගාටුදායක තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
“මෙය විහිළුවක් බවට පත්වෙලා,” යැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය