පුරා වසර 6ක් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ඛේදවාචකයන් ගණනාවක් මැද රටේ ඇති වූ බරපතල ගුරු හිගයත් සමඟ කොරෝනා අභියෝගය සමග මෙරට අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ලෙස බරපතල ලෙස කඩා වැටෙමින් තිබු බවත් 2020 බදවා ගත් උපාධිධාරින් 53000න් 22000ක් මේ ඛේදවාචකයෙන් අප රටේ දරු පරපුර බේරා ගන්න ගුරුවරු ලෙස බඳවා ගත් බවත් අද මේ 22000 රජයේ වැරදි තීන්දු මත 16600ට අඩු වී ඇති බවත් මේ 16600 වසර 5ක 6ක අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රායෝගික පුහුණුවක් අත්දැකීමක් එම ක්‍රියාවෙම නිරතව ලැබූ බවත් මේ අය ඇත්ත වශයෙන්ම අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ 53000ක් බදවා ගන්නා විට ග්‍රාමීය හා වතු පාසල්වල ඇති අධ්‍යාපන ප්‍රශ්න ද පදනමක් වී ඇති බවත් මේ ක්‍රියාවලිය තුළ 2018, 2020, 2022 බදවා ගත් අය අද අන්ත අසරණ වී ඇති බවත් එදා ගුරුවරුන්ගේ වේතනය වැඩි කිරීමක් වෙනුවෙන් මහපාරට බැස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින විට මේ උපාධිධාරින්ට සේවයට පැමිණිම අනිවාර්ය ලෙස නිවේදන නිකුත් කර ඇති බවත් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් පවා මහපාරට බැස සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අරගලයේ සිටින බවත් සිටින බවට ඔවුන් විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ අරගලය සත්‍යවාදී නම් අද බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් සිදු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී Citizen Voice වැඩසටහන යටතේ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දීය. එහි දී ඔවුන් සිය ගැටලු විපක්ෂ නායකවරයා හමුවේ ඉදිරිපත් කලේය.*
අභ්‍යසලාභී ගුරුවරු ලෙස ප්‍රායෝගික පර්යේෂණයක් හරහා මේ අය බදවා ගෙන වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන 2.2 ශ්‍රේණියට බදවා ගැනීම සමථකරණ තීන්දුව වුවත් මේ රජය එම තීන්දුව පවා උල්ලංඝනය කර ඇති බවත් එදා සිදුවූ ගරා වැටීම කඩා වැටීම හරහා පාසල් පද්ධතිය ගොඩගැනීමට මේ අයගෙන් උදව් ගත්තත් අද මේ අයට ගුරු වෘත්තියට සාධාරණ ක්‍රමයක් ලෙස අන්තර්ග්‍රහණය කිරීම සිදු නොකරන බවත් රටේ උපාධිධාරින් 52000ක පමණ ඇබෑර්තු ඇති බවත් මේ සදහා මොවුන් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ද බදවා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා ය.
දැනටත් පාසල් පද්ධතිය තුළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ සිටින්නේ මේ අය බවත් දැනටත් වැටුප් ගෙවන නිසා බදවා ගැනීමේ අලුත් බරක් ඇති නොවුවත් අද මේ අයගේ ඡන්දයෙන් පර්ලිමේන්තු ගිය ජනතා විමුක්ති පෙරමුණේ අය අද මේ ගුරුවරු බලහත්කාරයෙන් ගුරු වෘත්තියෙන් ඉවත් කර වෙන වෙන ආයතනවලට යොමු කරන්න උත්සාහ කරන බවත් මෙය අසාධාරණ ක්‍රියාවක් බවත් මේ දේවල් ක්‍රියාත්මක කිරීම අමාරු නොවන බවත් ඒ හදහා ඔ්නෑ තරම් පූර්වාදර්ශ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අභ්‍යාසලාභීන් ලෙස බදවා ගත් 2004ට පෙර බදවා ගත් ගුරුවරු 2005 පළමු මස සිට විභාගයකින් තොරව බදවා ගත් බවත් මීට පෙර ද එවැනි දේ සිදු වූ බවට සාක්ෂි ඇති බවත් එසේ කරන විට පවා ගුරු ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තිබූ බවත් එම නිසා මෙය බාධාවක් කියා කාටවත් කිව නොහැකි බවත් පූර්වාදර්ශ ඇති මොහොතක ලක්ෂ ගණනක් අප රටේ පාසල් දූදරුවන්ට සාධාරණයක් කරන ලෙසත් මොවුන් වසර 5ක් 6ක් හෝ වැඩි කාලයක් ගුරුවරු ලෙස කල සේවය අමතක කළ නොහැකි බවත් මේ අයට දිය යුතු සුදුසු වටිනාකම දිය යුතු බවත් සමගි ජන බලවේග රජයක් යටතේ මේ අයට හිමි අයිතිය ලබා දී යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අය වෙනුවෙන් කළ හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම සිදු කරන බවත් ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින බවත් මේ අය අයිතින් වෙනුවෙන් මහපාරට බැස්ස පසු මිලේච්ඡ ආකාරයට පහර දුන් බවත් එම නිසා මේ අයට නිසි සාධාරණත්වය ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
NEWS CLIP 🧧 https://youtu.be/fLRn6OnDfhw?si=NMQlUzXLeWWm3ZbJ