ඇල්ලේ ඛේදවාචකය ගැන විපක්ෂනායකවරයාගෙන් ශෝක ප්‍රකාශයක්

ඇල්ලේ ඛේදවාචකය ගැන විපක්ෂනායකවරයාගෙන් ශෝක ප්‍රකාශයක්

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ ඛේදනීය බස් රථ අනතුර පිළිබඳව දැඩි කණගාටුවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කර තිබෙන්නේ, සියලු විපතට පත් පාර්ශ්වයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවයි.

තංගල්ල ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට පත්වීම පිළිබඳව තමා කම්පාවට පත්වූ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

එම අනතුර සිදුවූ අවස්ථාවේදී ජීවිත බේරා ගැනීමට කටයුතු කළ ප්‍රදේශවාසීන්, පොලිසිය, හමුදා සහ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සියලු දෙනාට ඒ මහතා සිය ප්‍රණාමය පළ කර තිබේ. එමෙන්ම, මෙම අනතුරට හේතුවූ කරුණු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා, එවැනි සිදුවීම් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ඔහු රජයෙන් ඉල්ලා සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි

Search