ලංකාව තුළ බාල ඖෂධ නැතැයි ප්‍රකාශ කරමින් හිටපු සෞඛ්‍ය ඇමතී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට වාසිදායක අන්දමට ප්‍රකාශයක් සිදු කළ වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද වෛද්‍ය මනෝච් වීරසිංහ සහ රමිෂ් පතිරණ පාලන කාලයේදී පත් කරන ලද ඖෂධ නියාමන අධිකාරියේ එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ අනවශ්‍ය පරිදි පහල නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් මත එල්ල කරන පීඩනය නිසා මත තරගකාරී ලෙස වැඩි සමාගම් ප්‍රමාණයකට ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමටද අවස්ථා අහිමි වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන වසර ආරම්භ වන විට ඖෂධ හිගය නැතිකරන බවට ඉහත ආයතනවල ප්‍රධානීන් ප්‍රකාශ කළද දැනට පවතින තත්ත්වය යටතේ ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වනු ඇති බව වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් පසුගිය වසරක කාල සීමාව තුළදී සිදු කරන ලද ඇතැම් ටෙන්ඩර් ගනුදෙනු ප්‍රශ්න සහගත වන බැවින්ද, එම ගනුදෙනුවලදී ඉහළ මිල ගණන් සහිත ඇතැම් සමාගම් වලට හා තනි සැපයුම්කරුවන්ට අධික මිල ගණන්වලට සැපයුම් ලබාදීන් අවස්ථා සම්බන්ධව වාර්තා වන බැවින් ඒ සම්බන්ධව අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කොට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන පාලන අධිකාරිය සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට අදාළ කටයුතු සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු ි නියාමනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග ලබා දී ඇති අතර එම නියෝග වලට අවනතව කෙතරම් දුරට මෙම වර්තමාන පාලන අධිකාරීන් කටයුතු කරන්නේදැයි නිරීක්ෂණය කරන බවද ඔහු සඳහන් කළේය.
හදිසි මිලදී ගැනීම් වැඩිමිට ඖෂධ මිලදී ගැනීම් හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ මිලදී ගැනීම ආදිය මෙන්ම ෂධ නියාමනා අධිකාරි පනත සහ ජාතික ප්‍රසංපාදන පනත උල්ලංඝනය කරන අවස්ථාවන් සම්බන්ධව අධිකරණය දැනුවත් කොට නීතිමය පියවර ගැනීමට හැකි වපසරියක් transparents international මගින් දැනට පවරා ඇති අධිකරණමය කටයුතු හරහා සෞඛ්‍ය වෘත්තිකයන්ට ලැබී ඇති බවද ඔහු පෙන්නුම් කළේය.
ලබන වසරේදි ඖෂධ හිඟයක් ඇති වුණොත් ඒ සම්පූර්ණ වගකීම රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ නියාමන අධිකාරිය සෘජුව භාරගත යුතු බවද ඔහු පෙන්වා දුන් අතර මෙම අකාර්යක්ෂම නිලධාරීන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා මේ මේ දක්වා කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය.