ජාතික සංහිඳියා ක්‍රියාවලියට බාධා කරන කිසිදු ජාත්‍යන්තර මැදිහත්වීමකට ශ්‍රී ලංකා රජය එකඟ නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි.
60 වන ජිනීවා මානව හිමිකම් සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (සැප්. 8) ආරම්හ වූ අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පසුව විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කීවේය.
වගවීමට අදාළ ඕනෑ ම බාහිර යාන්ත්‍රණයක් ජාතීන් අතර බෙදීම් ඇති කර තත්ත්වය වඩාත් සංකීර්ණ කරන බව අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අවධාරණය කළේ ය.
දේශීය නීති රාමුවට අනුකූලව ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ විවිධාංගීකරණය සමරන රටක් ඇති කිරීමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.