මෙරට අරගලය පැවැති සමයේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හදිසි නීතිය පනවා ඒ තත්ත්වය පාලනය නොකළා නම් අද නේපාලයට සිදුව තිබෙන දේ ලංකාවටද සිදුවීමට ඉඩ තිබූ බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්රමසිංහ මහතා ආරක්ෂක හමුදා යොදවා ඒ තත්ත්වය පාලනය නොකලා නම් අද මෙලෙස රැස්වීමට පාර්ලිමේන්තුවක් ඉතුරු නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර මහතා තවදුරටත් මෙසේද පැවසීය.
මේ වන විට නේපාලයේ ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අග්රාමාත්යවරයාගේ නෝනා නිවස තුළට දාලා පුච්චලා මැරුවා. මේ තුළින් පෙනෙන්නේ මොකක්ද….?
2022 වසරේ මෙරට ඇති වූ අරගලයේ දී මුලින්ම අල්ලා ගත්තේ ජනාධිපති මන්දිරය අරගල කරුවන් එහි විවිධ නාඩගම්නැටුවා පූල් එකට පැන්නා ජනාධිපතිවරයාගේ ඇඳේ බුදිය ගත්තා එහි පිනුම් ගැහුවා.
එවැනි රංචුවකට මේ රට විනාශ කළ හැකියි. ඔවුන් රට විනාශ කරන්න හැදුවා. මේ පාර්ලිමේන්තුවත් විනාශ කරන්න හැදුවා පාර්ලිමේන්තුව අල්ල ගන්න යන්න කට්ටියට එකතු වෙන්න කිව්වා.
මෙහි සුනිල් හඳුන්නෙත්ති මහතා නැති උනත් ලාල් කාන්ත මහත්තයා ඇවිල්ලා පොල්දූව හන්දියේ දි කතා කරලා කිව්වා එදා මේ අය මේක ඇතුලට ඇතුළු වුනා නම් තමුන්නාන්සේලා හිතනවාද පාලනයක් තියෙයි කියලා එහෙම නෑ ඒ අය මේකේ කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරලා කතා නායක පුටුව අනික් පැත්ත හරවලා ඒක උඩ ඉඳගෙන සෙල්ලම් කරලා යයි.
සමහර විට ගිනි තියන්නත් පුළුවන් අපි දන්නෙ නෑ. ඒ තරම් වෛරයක් මිනිස්සුන්ට ඒ වෙලාවේ තිබුණා. ඒත් රනිල් ව්ක්රමසිංහල මහතා හදිසි නීතිය දාලා හමුදාව දාලා පාලනය නොකළේ නම් පාර්ලිමේන්තුවේ අපට මෙහෙම ඉඳන් කතා කරන්න වෙන්නේ නැහැ