බෙහෙත් නැතිව වකුගඩු රෝගීහු අමාරුවේ

බෙහෙත් නැතිව වකුගඩු රෝගීහු අමාරුවේ

වකුගඩු රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ රෝහල් පද්ධතිය තුළ හිඟවීම සහ ඇතැම් ඖෂධ සම්පූර්ණයෙන් නොමැතිවීමෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී මසකට එක් රෝගියකුට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

වකුගඩු රෝගීන්ගේ රුධිර ශෛල නිෂ්පාදනයට වැදගත් වන Erythropoietin injection ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල්වල නොමැති බවත්, මෙම එන්නතක් එක් වරකට ලබා ගැනීම සඳහා රුපියල් දොළොස් දහසක මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇති බවත් වෛද්‍යවරයා පවසයි.

එසේම වකුගඩු කාන්දු පෙරණීයට භාවිත කරන Everolimus නමැති ඖෂධය ද මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති බව පෙන්වා දෙන වෛද්‍යවරයා මීට පෙර මෙම ඖෂධ පෙත්තක් රාජ්‍ය ඔසුසල මගින් රුපියල් 355කට මිලදී ගත හැකි වුවත්, මේ වනවිට මෙම ඖෂධය බාහිර ඔසු සලකින් මිලදී ගැනීමේදී රුපියල් 850ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි ද සඳහන් කරයි.

Search